තවත් ආසාදිතයන් 503ක් සමගින් සමස්තය 23,987ක් දක්වා ඉහළට

19

කොරෝනා වෛරස ආසාදිතයින් 503 දෙනෙකු අද උදෑසන 6න් අවසන් පැය 24ක කාලය තුළදී හඳුනා ගැනීමත් සමග මෙරට සමසත් කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,987ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 496 දෙනෙක් දේශීයවද විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් හය දෙනෙක් සහ මෙරටට පැමිනි එක් මුහුදු ආරක්ෂක නිලධාරියෙකු ලෙසින් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

දේශීයව හඳුනා ගැනුණු ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිත පිරිස වන ආසාදිතයන් 147 දෙනෙක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වන බවත් ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයන් 130 දෙනෙකුත් මහනුවර ප්‍රදේශයෙන් ආසාදිතයන් 41 ක්ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ පෑලියගොඩ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත සම්පූර්ණ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 20,438ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විට ඉන් ආසාදිතයන් 14,152 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර අද උදෑසන වන විට රෝහල්ගත කර සිටින සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 6,309ක් වනවා.

සුවය ලැබූ ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 17,560ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 545 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගත කර තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

Your Comments