තවත් ආසාදිතයන් 268 දෙනෙක්

12

කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 268 දෙනෙක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,710ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාවද ඒ අනුව 24,255ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ආසාදිතයන් 6,320ක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයන් 17,815ක් සුවය ලබා තිබෙනවා.

එසේම කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 620 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Your Comments