තවත් ආසාදිතයන් 257ක් – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 16,000 ඉක්මවයි

16

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 257 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ සහ දිවුලපිටිය කොවිඩ් පොකුරේ පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 16,022ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර මෙරට කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 19,537ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාවද 12,590ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් 5,873 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 74ක්.

Your Comments