තවත් ආසාදිතයන් 220ක් – සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,000 ඉක්මවයි

21

කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 220 දෙනෙක් වාර්තා වීමත් සමගින් මෙරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,000 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 19061ක්.

ඉන් මේ වන විට ආසාදිතයන් 5,717 දෙනෙක් රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 13,271ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 73ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
එසේම පුද්ගලයන් 462 දෙනෙක් කොරෝනා රෝග ලක්ෂ සහිත බවට සැකය මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Your Comments