UPDATE: තවත් ආසාදිතයන් 168ක් සමගින් දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 6313ක් දක්වා ඉහළට

22

දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 168 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් ආසාදිතයන් 115 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන් හි රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි.

තවත් 53 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් අතරින් වාර්තා වන බවද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව අද දිනයේ මේ වන විට ආසාදිතයන් 582 දෙදෙනක් තහවුරු වී ඇති අතර එම කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6313ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 


 

තවත් ආසාදිතයන් 414 දෙනෙක් [Oct 29, 2020 at 19:32]

දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 414 දෙනෙකු වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අද දිනයේ දැනට තහවුරු කරන ලද රෝගීන් 414 දෙනා අතරින් 352 දෙදෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැල රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි.

සෙසු 62 දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් අතරින් කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා එක්වූ 414 දෙනාද සමගින් එම කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 6145ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Your Comments