තවත් ආසාදිතයන් 113ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට එකතු වෙයි

24

කොවිඩ්-19 ආසාදිත වූ තවත් 113 දෙනෙක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව අද දිනයේදී මෙතෙක් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 130ක් වන අතර ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වනවා.
කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණු 113 අතරින් 108 දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ ආශ්‍රිතයන් බවත් සෙසු පස් දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් බවද යුද හමුදාපතිවරයා කියා සිටියා.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 1721ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments