තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් සැරයන්වරයෙකු ඇතුළු 8ක් අත්අඩංගුවට

18

අත්අඩංගුවට ගත් තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ සැරයන්වරයෙකු සහ තවත් සිවිල් වැසියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැරයන්වරයා සහ සිද්ධිය වාර්තා වූ දින වැඩ බැලූ ස්ථානාධිපති පසුගියදා වැඩ තහනම ට ද ලක්ව සිටියා.

පූගොඩ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් මණ්ඩාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් තරුණයෙකු සිරමැදිරියක් තුළදී රෝගාතුරවීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණා.

පසුව ඔහු මිය ගොස් ඇති බවටයි වාර්තා වුණේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගම්පහ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Your Comments