ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගිය දෙදෙනා පිළිබඳ පරීක්ෂණයක්

18

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පී සී ආර් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේ එම රෝගීන් දෙදෙනා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි.

මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව අද පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවලට ජනතාවට හැකියාව පවතින බවයි හෙතෙම කියා සිටියේ.

 

Your Comments