ජපන් ජාතික බාල වයස්කාර දැරියක් විවාහ කරගත් තරුණයා රක්ෂිත බන්ධනාගාරයට

16

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දැරියක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු තිදෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළා.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර එම දැරියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

මොවුන් මීට මාස පහකට පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දැරියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුවත් කර තිබෙනවා.

Your Comments