ජනමත විචාරණයට තුඩු දෙන සංශෝධන 20ට නැහැ

24

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන් පසු විසිවන සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වෙතත් ජනමත විචාරණයකට තුඩුදෙන සංශෝධන ඉදිරිපත් නොකරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ආණ්ඩුව යෝජනා කර ඇති සංශෝධන තවදුරටත් වෙනස් විය යුතු නම් මන්ත්‍රිවරුන්ගේ එකඟතාව මත එය සිදුකරන බව ද අධිකරණ අමාත්‍යාංශය දන්වා තිබෙනවා.

විසිවන සංශෝධනය සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවලදී පැවැත්වෙනු ඇති.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා චෝදනා කළේ ආණ්ඩුව විදේශීය අවශ්‍යතාවට අනුව ක්‍රියා කරමින් සිටින බවයි.

දේශපාලනයේ අතීත කතා ජනතාවට හුරුපුරුදු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

ලබන 22 වනදා 20 සම්මත කර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ ආණ්ඩුවට ඊට අවස්ථාව ලබා නොදෙන බවයි.

Your Comments