ජනපති සහ අගමැති එන්නත ගනී – බලපෑම් කර එන්නත් ගැනීමේ සිද්ධීන් ගැන විශේෂ විමර්ෂණයක්

14

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් ද කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

බලපෑම් සිදු කරමින් කොරෝනා එන්නත ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අදාළ විමර්ෂණ සිදු කරන බවයි.

අලුතින් හදුනා ගන්නා කොරෝනා ආසාදිතයින් රෝහල් ගත කිරීමේදී ප්‍රමාද වන බවට එල්ල වන චෝදනාවන්ට ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර එන්නත්කරණ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් විපක්ෂය සාධනීය කරුණක් ඉදිරිපත් නොකිරීම අවාසනාවන්ත කරුණක් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලා.

එන්නත් ලබා ගැනීම සදහා සමාජයේ විවිධ කණ්ඩායම් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සදහන් කලා.

Your Comments