ජනපති අද සිට ගමින් ගමට

11

ගමින් ගමට ගොස් ජනතාව මුහුණ පා ඇති ගැටළු හදුනාගෙන විසදුම් ලබා දීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කළ චාරිකාව අද ආරම්භ වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තෝරාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

ඒ සඳහා වන ජන හමුව හපුතලේ, අක්කරසීය ගම්මානයේ කුමාරතැන්න විද්‍යාලයේදී අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

ජීවනෝපාය ගැටළු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම ආදි ගැටළු රැසකින් ග්‍රාමීය ජනතාව පීඩා විදින බවටයි ජනාධිපතිවරයා විසින් හදුනාගෙන ඇත්තේ.

සෞඛ්‍ය හා ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටළු හා පාසල් අඩුපාඩු මෙන්ම වගා සහ පානීය ජල හිඟය, වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අලෙවි කරගැනීමේ අපහසුතාවන් සම්බන්ධයෙන් ද එම චාරිකාවලදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වනු ඇති.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කරගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාවය ද ගැටලුවක් බවට ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

Your Comments