ජනපතිගේ පුනර්ජනනීය ව්‍යාපෘතියට විදුලි ඉංජිනේරුවන්ගෙන් බාධා

53

මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතිය නොමැති පුද්ගලික ඩීසල් විදුලි බලාගාර 3කින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

2009 අංක 20 දරණ විදුලි බල පනතේ 43 වන වගන්තිය අනුව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියකින් තොරව විදුලි මිලදී ගැනිම නීතිවිරෝධියි.

ඇමුණුම 01

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා කිහිපයකදීම විදුලිබල මණ්ඩලය අදාළ පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගෙන ඇත්තේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කිරීමකින් නොවන බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අවශ්‍යතා මත මෙම මිලදී ගැනිම් සිදුකළ යුතු බවයි විදුලිබල මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.

මේ වන විට කිලෝ වොට් පැය 15 දහසක පමණ විදුලිය අවශ්‍යතාවයක් පවතිනවා.

එය වාර්ෂිකව සියයට 5යි දශම 5 බැගින් ඉහළ යන බව සඳහන්.

වසර 2025 වනන විට වාර්ශික විදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 22 දහස් 501 ක් වනු ඇති බවට විදුලි බලමණ්ඩලය ගණන් බලා තිබෙනවා.

ඇමුණුම 02

වසර 15කට අධික කාලයක් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගෙන ඇති බලාගාර විදුලි බල මණ්ඩලයට මිලදී ගැනීමට 2017 වසරේ දී කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා.

ඒ එහි ක්‍ෂය වටිනාකම මතයි.

ඇමුණුම 03

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ඊට පටහැනිව කටයුතු කර ඇති බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ.

2018 වසරේ පැවති කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එවකට විදුලි බල අමාත්‍යාංශය දක්වා තිබුණේ මෙවැනි ප්‍රතිචාරයක්.

ලංකා විදුලිබල මණ්ඩලය 2013 අංක 31 දරණ ලංකා විදුලි බල මණ්ඩල පනතේ 4 සී 2 උප වගන්තියට පටහැනිව කටයුතු කර ඇති බව විගනකාධිපති වාර්තාවේ සඳහන් වනවා.

එහි වැඩිදුරටත් දැක්වුණේ 2016 වසරෙ අප්‍රේල් මාසයේ සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය තුල ගිගාවොට් පැය 338ක විදුලි බලය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව මිලදී ගෙන ඇති බවයි.

එම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 34 දහස් 326 ක් බවයි විගනකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.

ඇමුණුම 04

මෙහිදී සිදුව ඇති විශමතාවය සම්බන්ධයෙන් මෙතක් ක්‍රියාමාර්ග ගෙන නැහැ.

විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා පිළිබඳ සංජීව ධම්මික මහතා මෙලෙස අදහස් පළ කළා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ තවත් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

හදිසි අවශ්‍යතාවයකදී ජාතික පද්ධතියට රජය සතු විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලිය ලබා ගැනීමට 2018 වසරේ දී කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඇමුණුම 05

හදිසි විදුලි මිලදී ගැනීම පිළිබඳ සංජීව ධම්මික මහතා දැක්වූයේ මෙවන් අදහසක්.

එම මිලදී ගැනිම් සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් කවුරුන්ද යන්න ඔහු මෙලෙස පැහැදිලි කළා.

විදුලි ඉංජිනේරුවන්ගේ ක්‍රියා කළාපය පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ සංජීව ධම්මික මහතා

දිගින් දිගටම පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය බිලියන 200 කට වඩා පාඩුවක් ලබන බව ජාතික විදුලි පාරිභෝගික සංගමයේ සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා පෙන්වා දෙනවා.

විගනකාධිපතිවරයාගේ සහ මහජන උපයෝගිකා කොමිසමේ උපදෙස් සහ නියමයන් විදුලිබල මණ්ඩලය උල්ලංගනය කර ඇති බව ද බන්දුල චන්ද්‍රසේකර මහතා පවසනවා.

ජනාධිතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 37 වන පිටුවේ පොදුජන ජීවන සහන යටතේ පැවති රජය විසින් අත්සන් තබා ඇති ගිවිසුම් අහෝසි කර එහි වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන බව සඳහන්.

ඇමුණුම 06

එමෙන්ම, පසුගිය දා ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ද ආරම්භ කළේ මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70 ක් පුනර්ජනනීය ප්‍රබවයන්ගෙන් ලබා ගැනීම අරමුණු කරගෙනයි.

එසේ තිබියදී විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගහරිමින් සිටින බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා කියා සිටියේ.

ඇමුණුම 01

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

ඇමුණුම 02

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

ඇමුණුම 03

 

ඇමුණුම 04

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

ඇමුණුම 05

 

ඇමුණුම 06

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab

Your Comments