ජනතා ගැටලු‍ විසඳීමට මැදිහත් වන ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්

8

බලාපොරොත්තු වූ බලතල 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ ලැබී ඇති බැවින් ජනතා ගැටලු‍ විසඳීමට මැදිහත් වන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රටේ මූලික ආර්ථික ප්‍රශ්ණ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බවයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව තිස්ස අත්තනායක මහතා මෙහිදී පැහැදිලි කළා.

අදියර 3ක් යටතේ අදාල මන්ත්‍රිවරුන්ට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

Your Comments