ජනපති ,අගමැති සහ විපක්ෂ නායක ගේ තෛපොංගල් දින සුභ පැතුම්

4

ජාති, ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍ය උදාකිරීම තමාගේත්, රජයේත් ඒකායන ප්‍රාර්ථනාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ තෛපොංගල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්.
කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම තෛපොන්ගල් උත්සවයේ ප්‍රධාන අරමුණයි.

කළගුණ සැලකීම ශ්‍රී ලාංකේය සමාජයට අනන්‍ය වූ ලක්ෂණයක් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ, තෛපොංගල් උත්සවය අපේ සමාජය අනාදිමත් කලක සිට අගය කරන සාරධර්ම සංඛේතවත් කරන බවයි.

ස්වභාවධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානූෂිය අදහස් පිළිබඳ තෛපොංගල් උත්සවය අවබෝධයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා.

ජාතිය, ආගම සහ භාෂාව අනුව එකිනෙකාට වෙනස් වුවද අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස සිතුවිලි හා අපේක්ෂාවන්ගෙන් එක හා සමාන බවයි අග්‍රාමාත්‍යවරයා සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කරමින් සඳහන් කළේ තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී ඇති බවයි.

Your Comments