චීන ජාතිකයින් 12 ක් කොල්ලුපිටියේ දී අත්අඩංගුවට

7

නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවේ නිරත වූ බව කියන චීන ජාතිකයින් 12 දෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 28 වන මහලේ පිහිටි නිවසක් තුළයි ඔවුන් සූදු ක්‍රීඩාවේ නිරත වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතික කාන්තාවන් තිදෙනෙකු ද වනවා.

ඔවුන් සතුව තිබූ රුපියල් 65 ලක්ෂකට අධික මුදලක් සහ සූදු ක්‍රීඩාවට යොදාගත් උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් සතුව විදෙස් ගමන් බලපත්‍ර ද තිබී නැහැ.

සැකකරුවන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Your Comments