ගිනි අවි තුනක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

30

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි තුනක් සමග සැකකරුවෙකු හම්බන්තොට මහවැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අම්බලන්තොට විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් සිදු කළ වැටලීමකදීයි.
එහිදී බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කු 2 ක් , බෝර 16 වර්ගයේ පතරොම් තුවක්කුවක් සහ සජීවි පතරොම් 13ක් සොයා ගෙන ඇති බව සදහන්.
30 හැවිරිදි සැකකරු සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments