ගිනිඅවි දෙකක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

7

ප්‍රදේශ දෙකකදී ගිනිඅවි 2ක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ හතරලියද්ද ප්‍රදේශයෙන් සහ බණ්ඩාරවෙල ප්‍රදෙශයෙන් එම ගිනිඅවි සොයාගෙන ඇති බවයි.

හතරලියද්ද, අලුදෙණිය ප්‍රදේශයේ නිවෙසක තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනිඅවියක් හා උණ්ඩ දෙකක් සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු ගලගෙදර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරවෙල, බෝගහකුඹුර, ගල්කැටිය ප්‍රදේශයේ නිවසකින් මෙරට නිශ්පාදිත ගිනිඅවියක් සොයා ගැනුණා.

48 හැවිරිදි සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ඇති.

Your Comments