ගිනිඅවියක් සහ ජීව උණ්ඩ රැසක් සමග හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

9

විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ රැසක් සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පුත්තලම විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අද අලුයම සැකකරු අත්ඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇමෙරිකාවේ නිශ්පාදිත රිවොල්වරයක් සහ එයට යොදන මිලිමීටර් 7යි දශම 9 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් ඇතුළු තවත් උණ්ඩ රැසක් සැකකාර හිටපු ප්‍රාදේශිය මන්ත්‍රීවරයා සතුව තිබී සොයාගෙන තිබෙනවා.

සැකකරු අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Your Comments