ග්ලයිෆොසෙඩ් සමග තිදෙනෙකු අත්අඩංගුවට

10

තහනම් කර ඇති ග්ලයිෆොසෙඞ් වල්නාශක පැකට් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු නොරොච්චෝලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන් සඳහන් කළේ ග්‍රෑම් සියය බැගින් අඩංගු පැකට් 797 ක් සොයා ගත් බවයි.
නොරොච්චෝල ප්‍රදේශයේ ගොවිබිමක භාවිතය සඳහා තහනම් වල් නාශක තොගය ගෙනවිත් ඇති බවටයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

Your Comments