ගම්මන්පිලට රට යන්න අවසර

50

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන විස්සකට වැඩි මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වන්නේ.
විත්තිකාර උදය ගම්මන්පිල මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ මෝසමක් අද සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

Your Comments