ගම්පොල පාසලක උසස් පෙළ ශ්‍රේණි තාවකාලිකව වැසේ

6

ගම්පොල දේවිබාලිකා විද්‍යාලයේ ගුරුවරියකගේ ඥාතියෙකු කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස හදුනා ගැනීම හේතුවෙන් එම විද්‍යාලයේ 12 සහ 13 යන ශ්‍රේණි තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

හැටන් පාසලක ගුරුවරියකට සහ 10 වසර සිසුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට ද හදුනා ගැනුණා.
ඒ අනුව සිසු සිසුවියන් 38 දෙනෙකු සහ ආචාාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව හැටන් දික්ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළා.

දික්ඔය මූලික රෝහලේ හෙදියක් ආසාදිතයෙකු බවට තහවුරු වීමත් සමග වෛද්‍යවරයා ඇතුළු 15 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණා.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ අහඹු පීසීිආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 10 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ආසාධිතයෙකු ලෙස හදුනා ගැනීම හේතුවෙන් එහි සියලු නිලධාරීන් ස්වයං නිරෝදායනයට යොමු කර තිබෙනවා.මාතර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කළේ විශේෂ රාජකාරී ලෙස නිලධාරීන් 30 දෙනෙකු කඹුරුපිටිය පොලීසියට අනුයුක්ත කළ බවයි.

තවලම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවකයෙකුට වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමුණා.

අලව්ව ප්‍රදේශයේ තොග වෙළඳසැලක කාර්ය මණ්ඩලයේ 19 කට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පවුල් 50 ක පුද්ගලයින් 170 ක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව අලව්ව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55 දහස් 189 දක්වා ඉහළ ගියා.
ඒ නව ආසාදිතයන් 770 දෙනෙකු හඳුනාැනීමත් සමගයි.

ආසාදිතයින් 47 දහස් 215 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7 දහස් 700 ක්.

මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 274 දක්වා ඉහළ ගියා.
සැක සහිත රෝගීන් 688 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.

Your Comments