ගම්පහ දිස්ත්‍රික්කය තුළ සංචරණ සීමා දැඩි කරන්නයි ඉල්ලීමක්

23

ගම්පහ දිස්ත්‍රික්කය තුල දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කල යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබෙනවා.

ඒ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්චාවකට එක්වෙමින්.

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වර්තමාන තත්වය හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්චා කිරීම සඳහා හමුව කැඳවා තිබුණා.

එහි දී සෞඛ්‍ය අංශ පෙන්වා දී වසංගතය පැතිර යාම වැලැක්වීම සදහා ගම්පහ දිස්ත්‍රික්කය තුල දැඩි සිමා පැනවීමේ අවශ්‍යතාව ඉතා ඉහල බවයි.

ඒ සමගම ජනතා අවශ්‍යතා ඉටුකිරීම සදහා ගතයුතු පියවර පිළිබදවත් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡ් කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළා.

 

Your Comments