කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි

5

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක මාර්ග ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

Your Comments