කොළඹ පොලිස් වසම් 4කට සංචරණ සීමා හෙට ඉවතට

14

කොළඹ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට උදෑසන 5 ට ඉවත් කරන බව කෝවිඞ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙන බවයි.

කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් 13ක හුදකලා නියෝගය අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම සේවා වසම් හතක් ඊයේ (21) පස්වරුවේ සිට යළි දැනුම්දෙනතුරු හුදකලා කර තිබෙනවා.

එම ග්‍රාම සේවා වසම් වන්නේ බෝගහවත්ත, බමුණුමුල්ල (මුස්ලිම්), කිරිමන්තුඩාව, කොරාවල, අටලුගම, බමුණුමුල්ල සහ ගලගහමණ්ඩිය යන ග්‍රාම නිලධාරී වසම් හතයි.

තවදුරටත් හුදකලා ප්‍රදේශයන් සහ හුදකලාභාවයෙන් ඉවත් කෙරෙන ප්‍රදේශයන් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

Your Comments