කොළඹ දිස්ත්‍රික්කයේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම 29 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවයි

6

කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 29 දා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, කොරෝනා තත්ත්වය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර සඳහා අලුතින් ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී දඩ මුදලක් අය නොකිරීමටයි කටයුතු කර ඇත්තේ.

www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස වැඩි විස්තර ලබා ගත හැකි වනවා.

මේ අතර රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වු කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල්දමා තිබෙනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

එම විභාගය අනිද්දා දිනයේ පැවැත්වීමටයි නියමිතව තිබුනේ.

Your Comments