කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස ඉක්මවයි

4

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාධිතයන් සංඛ්‍යාව මේ වන විට 20 දහස ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ගත වු පැය 24 තුළ එම දිස්ත්‍රිකයෙන් වාර්තා වු ආසාධිතයන් 37 දෙනාද සමගයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් වාර්තාවු කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 20 දහස් 17 ක්.

ගතවු පැය 24 තුළදී මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් 569 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන්වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
විදේශයන්ගෙන් පැමිණි එක් අයෙකු ද ප්‍රදේශය තහවුරු කර නොගත් 78 ක් ද ඊයේ හදුනා ගත් ආසාධිතයන් අතර වනවා.

Your Comments