කොළඹ ගම්පහ එන්නත්කරණය සෙවීමට විශේෂ කණ්ඩායමක්

14

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් අනියුක්ත කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි.

එම කණ්ඩායම් වසංගත රෝග විද්‍යා ඒකකයේ නිලධාරීන්, ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වනවා.

මේ වනවිට එන්නත්කරණයට අදාළව නිකුත් කර ඇති උපදෙස් අනුව, එම ක්‍රියාවලින් සිදුවන්නේ ද යන්න පිළිබඳ එමගින් සොයා බැලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල නොවන පුද්ගලයන්ට එන්නත්කරණය සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙස සියලු‍ අංශ වෙත දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

Your Comments