කොළඹ අයි.ඩී.එච්. රෝහලෙන් පලා ගිය කාන්තාව සොයා ගනියි

17

කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයස අවුරුදු දෙකක් වන තම දරුවාද සමග පසුගිය 19 වන දා රාත්‍රී පලා ගිය ඇහැලියගොඩ පදිංචි කාන්තාව සොයාගෙන තිබෙනවා.

එම කාන්තාව ඇහැළියගොඩ සිදුරංගල කැලෑබද ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති බව පොලීසිය පවසනවා.

දරුවා ඇයගේ ඥාතීන් සමග සිටියදී ඊයේ (20) සොයා ගනු ලැබුවා.

කොවිඩ් ආසාදිත අවුරුදු 25 ක් වන මෙම කාන්තාවගේ ඡායාරූපයක් පොලීසිය විසින් මීට පෙර මාධ්‍ය වෙත නිකුත් කරා.

Your Comments