කොවිඩ් වසංගතය පාලනයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් නව සැලසුමක්

26

කොවිඩ් වසංගතය පාලනය සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නව සැලසුමක් සකස් කර තිබෙනවා.

එම යෝජනා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කර ඇති බවයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කලේ.

සමාජ ව්‍යාප්තියක් කරා අවතීර්ණ වුවහොත් පවතින තත්වය සම්පුර්ණයෙන් වෙනස් වනු ඇති බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම තුළ රෝහල් ධාරීතාවට ද යම් බලපෑමක් එල්ල කරනු ඇති.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ රෝහල් පද්ධතිය පුළුල් කිරීමේ සැලැස්ම තව දුරටත් කොපමණ ප්‍රමාණයකට ව්‍යාප්ත කළ හැකිද යන්න අභියෝගාත්මක බවයි.

දැඩි අවදානම් ප්‍රදේශ 5ක් හදුනා ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලා.

Your Comments