කොවිඩ් රෝගීන් සඳහා පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීමක්

11

කොවිඩ් රෝගීන් සඳහා පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග පැවති සාකච්ඡාවේදීයි.

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද, සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ යන මහත්වරුන් එම හමුවට එක්වුණා.

එමගින් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති තදබදය අවම කරගත හැකි අතර අඩු ආදායම්ලාභී ආසාදිතයින්ට අවස්ථාව ලැබෙන බව ද එහිදී ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ කොවිඩ් මර්දන කාර්ය සාධන බළකායට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ අනෙකුත් බලධාරීන්ට දැනුම් දී තීරණයක් ගන්නා බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකර ඇත්තේ.

Your Comments