කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක්

15

කොවිඩ් ප්‍රවාහන ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් බස් රථ කර්මාන්තයට සිදුවී ඇති බලපෑම සැලකිල්ලට ගනිමින්.

ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේ බස් රථ සේවකයින් මුහුණ දී සිටින අපහසුතා සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු කරන බවයි.

මේ අතර, බස් රථ ඇතුළත එහි අංකය පැහැදිලිව ප්‍රදර්ශනය කරන ලෙස ලංගම හා පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, බස් රථවල ගමන් ගන්නා මගීන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ පහසුව සඳහායි.

කොරෝනා ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, නිරෝධානයට ලක් වන පුද්ගලයින් සහිත නිවෙස්වල සෞඛ්‍ය බලධාරින් අලවන දැන්වීමට අමතරව, තවත් දැන්වීමක් ඇලවීමට කටයුතු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

 

Your Comments