කොවිඩ් ආසාදිත තවත් මරණ පහක් – සමස්තය 66 දක්වා ඉහළට

16

කොරෝනා වෛරස ආසාදිත තවත් මරණ පහක් වාර්තා වනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ ඊයේ(17) රාත්‍රී වන විට අදාළ මරණ පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ ලෙසට තහවුරු කර ඇති බවයි.

ඒ අනුව අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන රත්මලාන, කිරුළපන, කොළඹ 02 යන ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනෙක් සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 65 හැවිරිදි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් මියගොස් ඇති බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එම මරණ පහද සමගින් මෙරට කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මරණයට පත්වූ සමස්ත සංඛ්‍යාව 66ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස මියගිය පුද්ගලයන්ගේ සම්පූර්ණ විස්තරයන් පහත පරිදි වේ.

 

Your Comments