කොවිඩ් ආසාදිතව IDHහි ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය මව සහ දරුවාගෙන් දරුවා සොයා ගැනේ

27

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) රාත්‍රී සිය වයස අවුරුදු දෙක හමාරක් වයසැති දරුවාද රැගෙන පළා ගිය මව යන දෙදෙනාගෙන් දරුවා ඇහැළියගොඩ ප්‍රදේශයේදී සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පවසන්නේ සිය දරුවාද සමගින් අදාළ මව ඊයේ රාත්‍රීයේ රෝහලෙන් පළාගොස් ඇහැළියගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට දරුවා භාරදී ඇය එම ස්ථානයෙන්ද පළාගොස් ඇති බවයි.

ඒ අනුව දරුවා පොලිස් භාරයට ගෙන ඇති අතර මව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර සෞඛ්‍ය නිලධාරි කාර්යාලය හරහා දරුවා යළි අයි.ඩී.එච්. රෝහලට භාරදීමට කටයුතු කරමින් සිටින බවද පොලිසිය පවසනවා.

අදාළ කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

Your Comments