කොවිඩ් ආසාදිතයන් ගණන 19,280 දක්වා ඉහළට – ඇහැලියගොඩ කත සොයා තවදුරටත් මෙහෙයුම්

19

කෝවි 19 ආසාදිතයන් 439 දෙනෙකු ඊයේ හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් ආසාදිතයන් ගණන 19,280 දක්වා ඉහළ ගියා.

5,935 දෙනෙකු තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කලේ.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා ච රැගෙන පළාගිය කාන්තාව සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මුලස්ථානය පවසනවා.

25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්‍රියේ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවාද රැගෙන අයි.ඩී.එච්.රෝහලෙන් පලාගොස් තිබුණා.

දරුවා ඇහැලියගොඩ නිවසක රඳවා සිටියදී ඊයේ පොලීසිය සොයා අතර කණ්ඩායම් කිහිපයක් කාන්තාව සොයා මෙහෙයුමක නිරත වන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වසංගතය පාලනය සදහා සෞඛ්‍ය අංශ වලට සහයෝගය ලබා දෙන ලෙසයි.

Your Comments