කොරෝනා හේතුවෙන් ඉහල යන විරැකියාවට නාමල්ගෙන් විසදුමක්

13

කොරෝනා වසංගතය හමුවේ මෙරට විරැකියා ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඊට විසදුම් ලෙස නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක රජය නිරතව සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම එක් කර්මාන්තශාලාව බැගින් ඉදිකිරීමට රජය විසින් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

ඒ, කර්මාන්ත අමාත්‍යංශය සහ ආයෝජන මණ්ඩලය ඒකාබද්ධවයි.

ඔහු මෙම අදහස් පළ කළේ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන කමි‍ටු ‍රැස්වීමට එක්වෙමින්.

Your Comments