කොරෝනා මෘත දේහ ඉරනතිව් දූපත තුළ භූමදානය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය

12

කොරෝනා මෘත දේහ ඉරනතිව් දූපත තුළ භූමදානය කිරීමට රජය ගෙන ඇති තීරණය අනුමත කළ නොහැකි බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා පවසනවා.

 

ඒ පිළිබඳ යළි සළකා බලා රජය විසින් සාධනීය පියවරක් අනුගමනය කළ යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ.

මෙමගින් එම දූපතේ රැකියාවේ නිරත ධීවරයන්ගේ ජීවිත මෙන්ම ධීවර රැකියාව අවදානමට ලක්වන බව ද ඔහු අවධාරණය කළා.

මුහුදු කූඩැල්ලන් ඇතුලූ මුහුදු ආහාර අපනයනය කිරීමේ ගම්මානයක් මේවනවිට ඉරනතිව් දූපතේ ස්ථාපිත කර තිබෙනවා.

එම කටයුතුවලට ද කොරෝනා මෘත දේහ ඉරනතිව් දූපතේ භූමදානය කිරීම තුළින් විශාල බලපෑමක් සිදුවන බවයි ආනන්ද සංගරී මහතා නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, සිහලරාවය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොරෝනා මෘත දේහ භූමදානය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

Your Comments