මෙරට සිදු වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 256 දක්වා ඉහළ ගියා.
ඒ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමගයි.
නව ආසාධිතයන් 719 දෙනෙකු පසුගිය පැය 24 තුළ වාර්තා වීම හේතුවෙන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 52 දහස් 313 ක් දක්වා ඉහළ ගියා.
ආසාදිතයින් 44 දහස් 746 ක් සුවය ලබා ඇති අතර රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාධිතයින් සංඛ්‍යාව 7 දහස් 311 ක්.
සැක සහිත රෝගීන් 641 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා.
Your Comments