කොරෝනා ප්‍රතිකාර සදහා නව ක්‍රමවේදයක් – රෝග ලක්ෂණ දැනුම් දෙන්නත් දුරකථන අංකයක්

22

කොරෝනා වෛරසය ආසාදනය වීමේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් රෝහල් ගතවීමට පෙර 011 796 6366 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ රට තුළ පවතින තත්වය පිළිබදව කොවිඞ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන අවස්ථාවට එක්වෙමිනි.

තව දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා කියා සිටියේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක බවයි.

මේ අතර පොලිස් මුලස්ථානයේ ද අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එම මාධ්‍ය හමුවට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇදිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල හෙට සිට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

 

Your Comments