කොරෝනා තවමත් සමාජ ව්‍යාප්තියක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

8

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණවලින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන් සියයට 3 යි දශම 5ත් 4 ත් අතර ප්‍රමාණයක් බවයි.

එම ප්‍රමාණය සියයට 5 ඉක්මවන්නේ නම් පමණක් සමාජ පැතිරීමක් යැයි හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
කොරෝනා ව්‍යාප්තිය පාලනය කරගනිමින් පවත්වාගෙන යාමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හැකිව ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේ.

එම තත්ත්වයන් ආරක්ෂා කරගැනීමට ජනතාව මෙතෙක් ලබා දුන් සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද ඔහු කියා සිටියා.

Your Comments