කොරෝනා එන්නත ලබා දුන් සංඛ්‍යාව තුන් ලක්ෂය ඉක්මවයි

7

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයින් තුන් ලක්ෂ දෙදහස් අටසිය පනස් හත් දෙනෙකුට ලබා දී ඇති බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

 

ඒ ඊයේ දිනයේ ලබා දුන් එන්නත් 39, 078 ත් සමගයි.

මේ අතර, කොරෝනා මර්ධන එන්නත්කරණ කටයුතු අද දිනයේත් සිදුකෙරනවා.

බන්ධනාගාර නිලධාරීන් සඳහා එන්නත් ලබාදීම අද සිට යළි ආරම්භ කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව අගුණකොලපැලැස්ස, වීරවිල සහ මාතර බන්ධනාගාරවල නිලධාරීන් දහසකට පමණ අද සහ හෙට යන දින දෙක තුළදී කොරෝනා එන්නත් ලබාදීමට නියමිතයි.

Your Comments