කොරෝනා එන්නත මාර්තු මාසයේ – සමාගම් 4ක් සමග සාකච්ඡා – ධම්මික පැණිය ගැන තොරතුරු නැහැ කෙහෙලිය කියයි

13

ලබන මාර්තු මාසය වන විට මෙරට තුළ කොරෝනා එන්නතක් භාවිතයට ගත හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කලා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කොරෝනා එන්නත් නිෂ්පාදන සමාගම් 4 ක් සමග රජය මේ වන විට සාකච්ඡා කර ඇති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක අංශ රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරින් කිහිප දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට තහවුරු විම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදින් මෙහිදි විමසීමක් කළා.

 

මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා පැණියට අදාළ සායනික පරීක්ෂණ ප්‍රමාද වී ඇති බවට මාධ්‍යවේදීයෙකු ප්‍රශ්න කර සිටියා.

ඊට කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දැක්වුයේ මෙවැනි ප්‍රතිචාරයක්.

 

මේ අතර කොරෝනා අසාදිතයන් සුළු කාලයකින් හදුනා ගැනීමේ ක්‍රමවේදයක් තමන් සතු වන බව රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා ප්‍රකාශ කලා.

හෙල වෙදකම යටතේ පුරාණ වට්ටෝරුවකින් එම ඖෂධය සකස් කර ඇති බවයි හෙතෙම කියා සිටියේ.

Your Comments