කොරෝනා එන්නත් තොගයක් හෙට දිවයිනට. – හමුදාවට තොගයක් ඉන්දියාවෙන්.

12

මෙරට කොවිඩ් මර්දන රාජකාරිවල නිරත ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා වෙනමම එන්නත් තොගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

 

ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අද පෙරවරුවේ එය දැනුම්දී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

යුධ හමුදාපතිවරයා නාරාහේන්පිට යුධ හමුදා රෝහලේදී කොවිෂීල්ඩ් එන්නත ලබාගන්නා අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස්වරයාද පැමිණ සිටියා.

එහිදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.

මේ අතර යුනිසෙෆ් සංවිධානය මගීන් ලබා දෙන කොවැක්ස් කොරෝනා එන්නත් මාත්‍රා 2,64 දහසක් හෙට දිවයිනට ළඟා වීමට නියමිතයි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කටාන ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා මේ බව සදහන් කලා.

එම එන්නත් වයස අවුරුදු 60 ට වැඩි අධි අවදානම් කලාපවල වෙසෙන පුද්ගලයන් සඳහා ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

Your Comments