කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින් ගණන 1, 041

13

කොවිඩ් ආසාදිත පුද්ගලයින් 121 දෙනෙකු ඊයේ හදුනාගෙන තිබෙනවා.

ඉන් 115 දෙනෙකු මිනුවන්ගොඩ ඇගළුම් සේවකයින්ගේ ආශ්‍රිතයින්.

අනෙක් පුද්ගලයින් 6 දෙනා විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,016ක් බවට පත්ව තිබෙනවා.

ඉන් 1, 041 දෙනෙකු ඇගළුම් සේවකයින්.

අනෙක් 975 දෙනා ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 19ක් ආශ්‍රිතව නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන ඇඳිරිනීිතිය කඩ කළ පුද්ගලයින් 265ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Your Comments