කොරෝනා ආසාදිත මවක් දින 21ක බිළිඳා සමග රෝහලට

11

තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදිනය වී ඇති බව තහවුරුවීමත් සමග ඇයගේ දින 21ක් වයසැති බිළිඳා ද සමගින් අදාළ කාන්තාව රෝහල් ගත කර තිබෙනවා.

අදාළ කාන්තාව මහනුවර සිට කිරිබත්ගොඩට පැමිණ තම ඥාතියෙකුගේ නිවසේ සතියක කාලයක් නැවතී සිට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ තිබෙනවා.

අදාළ ඥාතියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කරන්නෙක් බවත් එම ඥාතියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ආනවරණ වී තිබෙනවා.

පසුව කුඩාවැල්ල ප්‍රදේශයේ අදාළ කාන්තාව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

Your Comments