කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළට

13

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(20) රාත්‍රී කියා සිටියේ කොළඹ 02 ප්‍රදේශයේ දිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෛරස ආසාදිතව මියගොස් ඇති බවයි.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Your Comments