කොරෝනා ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 9,205ක් දක්වා ඉහළට

15

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ රාත්‍රී වාර්තා වූ ආසාදිතයන් 124 දෙනාද සමගින් 9,205ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් නව ආසාධිතයන් සංඛ්‍යාව 335ක්.

ඉන් 308 දෙනෙකු දිවුලපිටිය – පෑලියගොඩ කොරෝනා නියැදියට අයත් වන අතර අනෙක් 27 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඊයේ(29) රාත්‍රී තහවුරු කර ගැනුණු ආසාදිතයන් 124 දෙනා අතරින් 106 දෙනෙක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලේ පෙර ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවත් සෙසු 18 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,731ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මෙරට සමස්ත කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 5,111 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 4,075 දෙනෙක් සුවය ලබා සිටිනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ පුද්ගලයන් 432 දෙදෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 19ක්.

Your Comments