කොරෝනා ආසාදිතයන් පනස් දහසේ සීමාව ඉක්මවයි

5

කොළඹ දිස්ත්‍රික්කයෙන් 214ක් ද ඇතුළුව නව ආසාදිතයන් 670ක් වර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන 50,901 දක්වා ඉහළ ගියා.

 

ජනවාරි 6 වනදා සිට දෛනිකව හමුවන ආසාදිතයන් ප්‍රමාණය පන්සියයේ සීමාව ඉක්මවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ආසාදිතයන් 6,901 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ත්‍රිවිද හමුදා මධ්‍යස්ථාන 81ක පුද්ගලයන් 6,790ක් නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

43,747 දෙනකු සුවය ලබා තිබෙනවා.

කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ දුම්මලසූරිය, ගල්ගමුව, ගින්තොට සහ කොළඹ 13 ප්‍රදේශවලින් මරණ 4ක් වාර්තාවීම හේතුවෙන්.

 

Your Comments