කොමිෂන් 5කට ජනපතිගේ යෝජනා අනුමතයි – නිමල් පුංචිහේවා මැතිවරණ කොමිසමට

11

සිරදඩුවම් විදින රැඳවියන්ගෙන් සියයට 52 ක් පමණ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

හෙතෙම කියා සිටියේ සිරගත කිරීම දීර්ඝකාලීන විසදුමක් නොවන අතර ඔවුන් පුනරුත්තාපනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කළ අතර ඊට අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රතිචාර දැක්වූවා.

අනතුරුව අදහස් දැක්වූයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

මේ අතර, මැතිවරණ, පොලිස්, රාජ්‍ය සේවා අල්ලස් සහ මුදල් යන කොමිෂන් සභාවල සමාජිකයින් සඳහා ජනාධිපතිවරයා යොමු කළ ලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව මැතිවරණ කොමිසමේ නව සභාපතිවරයා වන්නේ නිමල් පුංචිහේවා මහතායි.

රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා විනිසුරු ජගත් බාලපටබැදි, පොලිස් කොමිසම සඳහා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රන්නාදු, අල්ලස් කොමිසම සඳහා විනිසුරු ඊවා වනසුන්දර යන මහත්ම මහත්මින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

මුදල් කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කෙරුණේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන සුමිත් අබ්සිංහ මහතායි.

කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසම් සභාවට සහ සීමා නීර්ණ කොමිසන් සභාවට ඉදිරිපත් කළ නම් සඳහා ඉදිරියේදී අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ඇති.

Your Comments