කොටහේන පොලිස් බලප්‍රදේශයටත් නිරෝධායන ඇඳිරි නීතිය

15

කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ වහාම ක්‍රියාමත්මක වන පරිදි අද පස්වරු හයේ සිට එම පොලිස් බලප්‍රදේශයට පනවන බවයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ පහක් සඳහා අද උදෑසන නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා.

 

Your Comments